December, 17, 2019
2019 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල යම් අවප්‍රමාණා වීමේ පීඩනයකට ලක් වුවද, මෙම වසරේ ඔක්තෝබර් අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය.
තවද, 2019 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.0කින් අතිප්‍රමාණය විය.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ස්ටර්ලින් පවුම සහ කැනේඩියානු ඩොලරය හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

මේ අතර 2019 වසරේ ඔක්තෝබර් මස අවසානය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8 ක්වූ අතර, එය ආනයනික මාස 4.7කට සමාන විය.
මෙහිදී දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2019 ඔක්තෝබර් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 10.4ක් වූ අතර එය ආනයනික මාස 6.3කට සමාන විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2019 ඔක්තෝබර් විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story