රුපියල අවප්‍රමාණය වීම ගැන මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

    May, 29, 2015

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙන්නේ ඩොලරය ශක්තිමත් වීම නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.

    මේ දිනවල රුපියල අවප්‍රමාණය වන්නේ මන්දැයි අප විමසූ විට මහ බැංකු අධිපතිවරයා පැවසුවේ එය මෙරට ප්‍රශ්නයක් නොවන බවත් ඩොලරය ශක්තිමත්වීම නිසා මෙය සිදුවන බවයි.

    මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත.