රුපියල දුර්වලවීම ගැන මුදල් ඇමති අදහස් දක්වයි

    September, 4, 2015

    මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමෙන් පසුව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ රවී කරුණානායක මහතා අදහස් දක්වයි.

    ඔහු අද පස්වරුවේ කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ විශ්වාසය පලකළේ ඉදිරියේදී මෙරටට වැඩිපුර විදේශීය ආයෝජන පැමිණීම හමුවේ රුපියල නැවතත් ශක්තිමත් වනු ඇති බවයි.

    මුදල් වෙළඳ පොළේදී ඩොලරයක මිල අද දිනයේදී රුපියල් 03 කට ආසන්න මිලකින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 138 කට ආසන්න මිලක් ගත්තේය.

    ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 134.75 ක් විය.