රුපියල පිරිහී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පහළට

    May, 18, 2017

    2016 වසරේ දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, 2015 වසරේ දී වාර්තා කළ රුපියල් 522,355 ට සාපේක්ෂව රුපියල් 558,363 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

    ඒ අනුව ප්‍රධාන වශයේන දළ දේශීය නිෂ්පාදිතයෙහි නාමික වටිනාකමෙහි සිදු වූ වර්ධනය හේතුකොට ගෙන 2016 වසරේ දී ඒක පුද්ගල ද.දේ.නි. 2015 වසරේ දී වාර්තා කළ සියයට 4.7 ක වර්ධනයට සාපේක්ෂව සියයට 6.9 ක වර්ධනයක් වාර්තා කරන ලදී.

    කෙසේ වුවද එක්සත් ජනපද ඩොලර අගය අනුව ගණනය කිරීමේ දී 2015 වසරේ දී එක්සත් ජනපද ඩොලර් 3,843 ක්වූ ඒක පුද්ගල ද.දේ.නි. 2016 වසරේ දී එක්සත් ජනපද ඩොලර් 3,835 දක්වා පහත වැටිණි.

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකකයෙහි අගය පිරිහීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දේ.