රුපියල බලය පෙන්වයි. විකුණුම් මිල රු. 180න් පහළට

    March, 22, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (22) දින රු. 179.7894 ක් ලෙසින් සටහන් විය. පසුගිය පෙබරවාරි 12 වනදායින් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 180 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ.

    2018 නොවැම්බර් 23 දින ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 180 සීමාව ඉක්මවා යනු ලැබීය.

    එසේම 2018 දෙසැම්බර් 31 දින රු. 184.6966 ක් ලෙසින් සටහන් වූ අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට සිදු වූ ඉහළම මිල ලෙසින් සැලකේ.

    මේ අතර අද දින ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රු. 175.9324 ක් වශයෙනි. 2019 පෙබරවාරි 13 දිනෙන් පසු ඩොලරයක ගැණුම් මිල රු. 176 සීමාවෙන් මෙපිට මුල් වරට ස්ථානගත වූයේ අද දිනයේ දීය.