රුපියල ශක්තිමත්. රථවාහන ආනයනයේදී පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ඉවතට

    March, 14, 2019

    2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව සියයට 16.4 කින් අවප්‍රමාණය වූ අතර, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ද අවප්‍රමාණය විය.

    කෙසේ වෙතත්, 2019 මාර්තු මස 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.2 කින් අතිප්‍රමාණය විය.

    තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, මෙම කාලපරිච්ඡේදය තුළ චී ශ්‍රී ලංකා රුපියල ස්ටර්ලින් පවුම හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ද අතිප්‍රමාණය විය.

    විනිමය අනුපාතිකය මත වූ පීඩනය මේ වන විට අඩු වී ඇති බැවින් මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ මත පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව 2019 මාර්තු 07 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරන ලදී.