September, 9, 2024
රුහුණු විශ්ව විද්යාලය ෆැඩ්නා (Fadna) ආයතනය සමග ගිවිසුමකට එළඹිම පසුගියදා රුහුණු විශ්ව විද්යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන හා ෆැඩ්නා ආයතනයේ නිර්මතෘ චමේන්ද්ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් එම විශ්ව විද්යාල පරිශ්රයේදි සිදු විය. මෙම ගිවිසුම මගින් රුහුණු විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුන් හා ආචර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබන සිය පර්යේෂණ මගින් ප්රතිඵලදායක ලෙස හදුන්වාදෙනු ලබන නව නිෂ්පාදන ෆැඩ්නා ආයතනය හරහා වෙළද පොලට යොමු කිරිමට නියමිතය.
ඒ අනුව ප්රථම නිෂ්පාදනය ලෙස රුහුණු විශ්ව විද්යාලයේ වෛද්ය පීඨය මගින් දිර්ඝ කාලයක් තිස්සේ සිදු කල පර්යේෂණයකින් අනතුරුව දේශීය ශාක අනුසාරයෙන් දියවැඩියාව පාලනය කිරිම සඳහා නිෂ්පාදනය කල ඖෂධයක් ෆැඩ්නා ආයතනය හරහා වෙළද පොලට නිකුත් කිරිම සිදු කෙරේ.මේ වන විට ෆැඩ්නා ආයතනය මේරට විශ්ව විද්යාල පද්ධතියේ පවතින විශ්ව විද්යාල පහක් සමග ගිවිසුම්වලට එලඹ සිසුන් හා විශ්ව විද්යාල ආචාර්යවරුන් විසින් නිෂ්පාදනය කරනු ලබන නව නිෂ්පාදන වෙළද පොලට නිකුත් කොට ඇත.
මේ අනුව ක්රියාකාරිත්වය විද්යානුකුලව තහවුරු කරන ලද වෙළඳපොළට නිකුත් කිරීමට ෆැඩ්නාට හැකියාව ලැබී ඇත. මෙම කාර්ය සදහා විශ්ව විද්යාලයේ තාක්ෂණික හුවමරු එකකයේ පුර්ණ මැදිහත් විම සිදු කරනු ලබයි. මෙම අවස්ථාවට රුහුණු විශ්ව විද්යාලයේ තාක්ෂණික හුවමරු එකකයේ අධ්යක්ෂ්ය වෛද්ය ලහිරු ප්රබෝධ මහතා ඇතුලු රුහුණු විශ්ව විද්යාලයේ පීඨ වල පීඨාධිපතිවරුන් ඇතුලු ආචර්ය මණ්ඩලය එක්ව සිටියහ.
Video Story