November, 17, 2020
සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
එම කමිටුව විසින් සමාගමේ ඉදිරි වසර 3හි මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර ඇත.
එම විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ දළ වශයෙන් සේවකයින් 560ක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට සිදුවන බව ගණනය කර ඇත.
ඒ අනුව, එකී විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story