රු. බිලියන 232ක් රැස්කරන්න භාණ්ඩාගර බිල්පත්, බැඳුම්කර නිකුතු දෙකක් අද සහ හෙට

    September, 10, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (10) දිනයේ දී රු. මිලියන 77,000 ක් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා තිබේ.

    එහිදී දින 91, දින 182 හා දින 364 යන පරිණත කාලවලට අදාළව පිළිවෙලින් රු. මිලියන 12,000ක්, රු. මිලියන 40,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර හෙට (11) දිනයේ දී රු. මිලියන 155,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    2030, 2032 සහ 2035 වසරවල කල්පිරෙන අයුරින් පිළිවෙලින් රු. මිලියන 85,000ක් රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 45,000ක් බැගින් වන බැඳුම්කර එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

    මෙම නිකුතු දෙක සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates