රු. බිලියන 4.36ක වැල්ලවත්ත අපජල පිරිපහදු යන්ත්‍රාගාර ව්‍යාපෘතිය PowerChina – Beijing Enterprises ඒකාබද්ධ සමාගමට

    October, 13, 2020

    ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කෙරෙන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ සංවර්ධන ආයෝජන වැඩසටහන - අදියර 3 යටතේ වැල්ලවත්ත අපජල පිරිපහදු යන්ත්‍රාගාරය සැලසුම් කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රසම්පාදනය සඳහා සුදුසුකම්ලත් ආයතන වෙතින් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව Joint Venture of PowerChina Zhongnan Engineering Corporation Ltd. with Beijing Enterprises Water Group Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 20.96ක සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.36ක (VAT රහිත) මුදලකට පිරිනැමීම පිණිස රාජ්‍ය ‍සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.