November, 30, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් රු. බිලියන 500 ක් ඉක්මවූ වෙළෙඳපොළ ප්රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන පළමු සමාගම බවට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ඊයේ (29) දින පත්විය.
ඒ සමාගමේ කොටස් මිල රු. 263.50 ක් දක්වා ඉහළ යාමත් සමගිනි.
ඒ සමඟම සමාගමේ සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණ අගය රු. බිලියන 515.12 ක් ලෙසින් සටහන් විය.
මෙය සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණ වටිනාකමෙන් 10.32% ක් වේ.
සමාගමක වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
Video Story