රෙවෝ ඇඩ්වර්ටයිසින් අටවැනි සංවත්සරයට සමරු මුද්දර දෙකක් නිකුත් කරයි

    January, 2, 2024

    Revo - Revolution Advertising සමාගමේ (www.revo.lk) වසර 8 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර දෙකක් පසුගිය දා කොළඹදී නිකුත් කරන ලදී. Revo Advertising සමාගමේ ලාංඡනය හා 8 වැනි සමරු සකේතය සමගින් එක් මුද්දරයක් හා ආයතනයේ නිර්මාතෘවරයාගේ රුව සහිත තවත් මුද්දරයක් එහිදී එළි දක්වන ලද අතර එම මුද්දර ද්විත්වයම දේශීය හා ජාත්‍යන්තර තැපැල් භාවිතය සදහා වලංගු මුද්දර වේ.

    “මගේ දැනීමේ හැටියට ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නියුතු වෙළෙද ප්‍රචාරණ සමාගමක් නිකුත් කළ පළමු සමරු මුද්දර වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. තාක්ෂණිකව කොතරම් දියුණු වුණත් සන්නිවේදන ක්ෂේත්‍රයේ පැරණිම ක්‍රමවේදයක් වන තැපැල් සේවය හා මුද්දර සමග ඇති මිහිරි සබැඳියාව සිහිපත් කරමින් අපේ 8 වැනි සංවත්සරය සමරන්න කටයුතු කළා. වසර පුරා සම්මාන තුනක්ම හිමිවීම නිසා මේ වසර අපට සම්මානනීය වසරක් වුණා. ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි යන්න අපේ තේමාවයි. අපි සේවාලාභීන් වෙනුවෙන් කැප වී කටයුතු කරන නිසා මෙවැනි ආශිර්වාද ගලා එන බව මගේ අදහසයි. තවත් ඇඞ් හදන ආයතනයක් වෙනුවට අලෙවිකරණයේ සහ සන්නාමකරණයේ නව මාවත් නවීන තාක්ෂණය සමග එළි පෙහෙළි කිරීම අපේ අරමුණයි. ලෝකයේ කීර්තිමත් සන්නාම සහ විශිෂ්ටතම ව්‍යාපාර අතරට අපේ රටේ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් රැගෙනයාම අපේ දැඩි අධිෂ්ඨානයයි. වසර අටක් පුරා පැමිණි මේ ගමනේදී සහාය හා දිරිය දුන් Revo Advertising කාර්ය මණ්ඩලයටත්, සේවාලාභීන්ටත්, ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළු සියලු දෙනාටත්, විශේෂයෙන් දාසය වසරකට පෙර මගේ දක්ෂතා අගය කරමින් වෙළෙද ප්‍රචාරණ කර්මාන්තයට පිවිසෙන්නට මට අවස්ථාව දුන් ක්‍රිෂාන්ත ජයසිංහ මහතා ඇතුළු මගේ ඇඞ්වර්ටයිසින් ගුරුවරුන් වන සුරේෂ් මුතුකුමාර්, ප්‍රගීත් ප්‍රසංජය, නිශාන්ත ශාන්තදේව, මහින්ද ජීවානන්ද, උපාලි හේරත් හා විපුල සුමනසේකර යන මහත්වරුන්ටත් ගෞරවනීය ස්තුතිය හා කෘතවේදීතාව පළ කරනවා.” ව්‍යාපාර ප්‍රධානී / නිර්මාණ අධ්‍යක්ෂ රෙවෝ පැතුම් වීරමන්ත්‍රී මහතා පැවසීය.