June, 30, 2023
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව 2023.06.23 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ඇතුළු පරිශ්‍රයන්හි නිරීක්ෂණ චාරිකාව නිරත විය.
රජයේ ආදායම වැඩිකිරීම ඇතුළු සාධනීය පියවරයන් නිර්දේශ කිරීම සදහා වන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අදාළ ආයතන පරිශ්‍රයන් වෙත ගොස් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම විමර්ශනය සිදුවිය.
ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, සාමාජික මන්ත්‍රීවරු වන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අශෝක් අබේසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ගාමිණි වලේබොඩ යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
රජයට ආදායම් ලබා දෙන ප්‍රධානතම ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රේගු ක්‍රියාවලියේ පවතින දුර්වලතා හදුනාගනිමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට සහ ආදායම ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය වී තිබිණි.
මේ අනුව රේගු මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශය, වරාය භූමිය තුළ පිහිටි බහාලුම් සුපරික්ෂා කිරීම් (Scan) අංශය සහ ඔරුගොඩවත්ත පිහිටි ශ්‍රී ලංකා රේගුවට අයත් බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනය ඇතුළු අංශවල කටයුතු මෙහිදී නිරීක්ෂණයට ලක්විය.
ආනයන සහ අපනයන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මගහරවාගනිමින් කාර්යක්ෂම සේවයක් ලබා දීමටත්, ආදායම වැඩිකරගැනීමටත්, වත්මන් කෘතීම බුද්ධිය (AI) ඇතුළු නවීණ පරිගනක තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා විසින් පෙන්වා දෙන ලදී. එසේම රේගු ක්‍රියාවලියේ දැනට පවතින දුර්වලතා නිවැරදිකර ගැනීමට ප්‍රධාන කාර්යසාධක දර්ශක (KPIs) යොදා ගැනීමේ අවශ්‍යතාව ඇතුළු සාධනීය පියවරයන් පිළිබදව කාරක සභා සභාපතිවරයා කරුණු පැහැදිළි කළේය.
ආනයනකරුවන්ට කඩිනම් සේවාවක් ලබාදීම සදහා වාප්පු ලිපිකරු (Wharf Clerk) සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා වරාය, ගුවන්තොටුපළ මෙන්ම ශ්‍රී ලංකා රේගුව ද දවසපුරා අඛන්ඩ සේවාවක් සැපයීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
මේ අනුව අදාළ නිර්දේශ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාවට පෙර ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු මෙන්ම ආනයන අපනයන ක්‍රියාවලියේ නිරත ආයතන යන දෙපාර්ශවයම වෙන් වෙන් වශයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාවට කැඳවා පවතින ගැටලු සහ අඩුලුහුඬුකම් පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදුවිය.
වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල් කේ. විමලේන්ද්‍රරාජා මහතා ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ ඉහළ පෙළේ නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මීට සහභාගී වූහ.
Video Story