February, 6, 2019
ශ්‍රී ලංකාවේ රේගුව මෙහෙයවනු ලබන්නේ මෙරට සිටින එක්තරා ව්‍යාපාරික මාෆියාවක් විසින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.
“කවුරුවත් තරහා වෙන එකක් නැහැ. මම මේක එදත් කියනවා. හෙටත් කියනවා මේක වෙනස් වෙනකං. කස්ටම්ස් එක මෙහෙයවන්නේ මේ රටේ ඉන්න එක්තරා ව්‍යාපාරික මාෆියාවක්. ඒ ව්‍යාපාරික මාෆියාවට අතහිත දෙන යම් යම් නිලධාරීන් ඇතුළේ ඉන්නත් පුළුවන්.“
“දැන් උදාහරණයක් බලන්න ලංකාවට විදේශ විනිමය විශාල වශයෙන් අහිමි කරන ජාවාරම් දෙකක් තමයි ගම්මිරිස් ජාවාරමයි, පුවක් ජාවාරමයි. දවසකට මිලියන් ගණන් මේවායින් හොයන්නේ. මොකද විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක තියෙන ගිවිසුම අනුව අපිට සීමාරහිතව ඉන්දියාවට විශේෂයෙක්ම මේ පුවක් යවන්න පුළුවන්. ලංකාවේ පුවක් නෙමෙයි යන්නේ, ඉන්දුනීසියාවේ ගේන පුවක් ලංකාවේ දී ඒවා වැලියු ඇඩිෂන් කරනවා කියලා පොඩි පොඩි වෙනස්කම් කරලා ඉන්දියාවට යවනවා, ඒ ඔක්කොම වෙන්නේ නීතිවිරෝධී ලෙස.“
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය රජය විසින් 2012 දී මෙම ජාවාරම හඳුන්වා දුන් බවත්, පසුගිය රජයේ සිටි ඉහළම පුද්ගලයින් මෙම ජාවාරමේ නිරත වූ බවත්, වත්මන් ආණ්ඩුවේ අයත් මේ ජාවාරමට එකතු වී ඇති බවත්ය.
Video Story