June, 15, 2017
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත නිලධාරීන් 131 දෙනකු බඳවා ගන්නා ලදී.
මේ සඳහා ජූනි 13 වන දින රේගු මූලස්ථානයේ පැවැති පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පත්වීම් ලිපි භාර දෙන ලදී.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මෙනෙවිය, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Video Story