රේගු ප්‍රධානියා හදිසියේ ඉල්ලා අස්වීම ගැන නැව්ගත කරන්නන් කණගාටුවේ

    May, 26, 2015

    අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී. විජේවීර මහතා හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වනබව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය පවසා තිබේ.

    ආනයන සහ අපනයන කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියාකළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතලොස්ස අතුරින් විජේවීර මහතා කෙනෙකු වූ බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පැවසුවේ රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.