රේන්කෝ අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ගුරුවරුන්ට බුහුමන් දක්වයි

    November, 28, 2018

    මෙරට අනාගතය බාර ගැනීමට සිටින දුවා දරුවන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා දක්වන කැපවීම අගයනු වස් රේන්කෝ සමාගම අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ප්‍රතිභා උළෙල සමග අඛණ්ඩව දෙවන වරටත් අත්වැල් බැඳ ගත්තේය.

    ලෝක ගුරු දිනයට සමගාමිව සංවිධානය කෙරෙන ගුරු ප්‍රතිභා වැඩසටහන මගින් දිවයින පුරා විසිරී සිටින ගුරු භවතුන්ගේ අමිල මෙහෙය ඇගයුමට ලක් කෙරේ.

    මෙරට කුඩ නිෂ්පාදනයේ වෙළඳපල ප්‍රමුඛයාවන රේන්කෝ, සිය සියලු පාර්ශ්වකරුවන් අතර යහපත් සබඳතාවක් පවත්වා ගැනීම සඳහා නිබඳ කැපවෙයි. සමාජයේ නොමඳ ගෞරවයට පාත්‍ර වියයුතු ගුරු වෘත්තීය වැනි ක්ෂේත්‍රයක් ඇගයුමට ලක්කිරීම සඳහා ගුරු ප්‍රතිභා ප්‍රභා වැඩසටහන සමග සම්බන්ධවීම රේන්කෝ සමාගමේ එම අභිප්‍රාය තවදුරටත් පිළිබිඹු කරයි.

    "ගුරුවරුන් අපගේ ජීවිත හැඩගැස්වීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. නමුත් ඔවුන්ගේ මෙහෙය සමාජය තුළ නිතර කතාබහට ලක් වන්නේ නැති තරම්. වගකිම්සහගත සමාගමක් ලෙස අපට අවශ්‍ය කරන්නේ සමාජය යහපත් කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන ගුරුවරුන් සැබෑ ලෙස ඇගයුමට ලක්කිරීමයි" යනුවෙන් රේන්කෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අරූස් මහතා සඳහන් කළේය.

    ගුරුභවතුන්ට උපහාර වශයෙන් රේන්කෝ සමාගම අසමසම කුඩ මාදිලි පෙළක් ද හඳුන්වාදී ඇති අතර එය ලෝක ගුරු දිනය නිමිත්තෙන් ගුරුභවතුන් හට ලබාදිය හැකි අගනා තිළිණයකි.

    විවිධ සමාජ සත්කාර වැඩසටහන් රැසක් වෙනුවෙන් දායකත්වය ලබාදෙන රේන්කෝ සමාගම ප්‍රජාව වෙනුවෙන් සිය වගකීම ඉටුකිරීම පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරයි.

    "මෙය අප දියත් කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී පියවරකි. දැයේ දූ දරුවන් හට යහපත් අනාගතයක් උදාකරලීම සඳහා කැපවන සියලු ගුරුභවතුන් හට අපගේ ප්‍රණාමය පුදකිරීමට අප මෙය අවස්ථාවක් කර ගන්නවා" යනුවෙන් අරූස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    සේයා රූ විස්තරය:

    වම: අහමඩ් අරූස්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, රේන්කෝ පුද්ගලික සමාගම

    දකුණ: සුනිල් හෙට්ටිආරච්චි, ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා