රෝයල් සෙරමික්ස් කොටස් වලින් අර්ථ සාධක අරමුදල සතු කොටස මෙන්න

    April, 26, 2014

    සේවක අර්ථ සාධක අරමුදල විසින් රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී සමාගමේ නිකුත් කළ කොටස් වලින් සියයට 10 ක ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ.

    මේ බව සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී තිබේ.

    මෙරට ටයිල් වෙළඳ පොළේ ඒකාධිකාරය මේ වනවිට තිබෙන්නේ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන රෝයල් සෙරමික්ස් ලංකා සමාගමටයි.