රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි

    April, 10, 2018

    දංකොටුව පෝසිලේන් පීඑල්සී රුපියල් මිලියන 71.69 ක් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් හි ආයෝජනය කර තිබේ. මෙම ආයෝජනය සිදුකර තිබෙන්නේ දංකොටුව පෝසිලේන් පීඑල්සී විසින් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් වෙත දෙන ලද ණයක් කොටස් බවට පරිවර්තනය කිරීමෙනි.

    මෙහිදී රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් විසින් අදාළ ණය ප්‍රමාණය වූ රු. 71,699,860 වෙනුවෙන් 1 ක් රුපියල බැගින් වූ ඡන්ද බලය රහිත, නිදහස් කළ හැකි, අසමුච්ඡිත වරණීය කොයස් 71,699,860 ක් පසුගිය 2018 මාර්තු 30 දින නිකුත් කර තිබේ.

    රෝයල් ෆර්න්වුඩ් සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් මෙම කොටස් පරිවර්තනය සිදු කර ඇත.