රෝහල් ක්ෂේත්‍රයේ ඉහළම වාර්තාව තබමින් හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය ජාතික තත්ත්ව සම්මාන 30කින් පිදුම් ලබයි

    July, 10, 2026

    සෞඛ්යය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්රමිතියක් සනිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

    රන් සම්මාන 22ක්, රිදී සම්මාන 7ක් සහ එක් ලෝකඩ සම්මානයකින් සමන්විත මෙම විශිෂ්ට ජයග්රහණය, ශ්රී ලංකාවේ සෞඛ්යය ක්ෂේත්රය තුළ ඉහළ ගුණාත්මක ප්රමිතීන්, රෝගී ආරක්ෂාව, විශිෂ්ට මෙහෙයුම් ක්රියාවලිය සහ අඛණ්ඩ දියුණුව   වෙනුවෙන් හේමාස් රෝහල් ජාලය දක්වන සුවිශේෂී නායකත්වය තහවුරු කරයි.

    හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය විසින් ඉදිරිපත් කරන ලද සෑම ගුණාත්මක තත්ත්ව සංවර්ධන ව්යාපෘතියක් සඳහාම ජාතික මට්ටමේ ඇගයීමක් හිමි වීම සුවිශේෂී වේමින් තනි ව්යාපෘතිවල තිබූ ශක්තිමත්භාවය මෙන්ම හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය පුරා ව්යාප්ත ගුණාත්මක සේවාවන් සැපයීමේ සංස්කෘතිය පෙන්නුම් කරයි.

    ශ්රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්රවර්ධන සංගමය (SLAAQP) විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික සම්මේලනයේ දී ගුණාත්මක කළමනාකරණය සහ ඵලදායිතා මුලපිරීම් මඟින් පැහැදිලි ප්රගතියක් අත්කර ගන්නා ආයතන ඇගයීමට ලක් කරයි. 2026 වසරේ මෙම සම්මේලනය පවත්වන ලද්දේශක්තිමත් ශ්රී ලංකාවක් උදෙසා මානව කේන්ද්රීය ගුණාත්මකභාවය සහ ඵලදායිතාව” (People-Driven Quality and Productivity for a Resilient Sri Lanka) යන තේමාව යටතේ වන අතර, එහිදී ශක්තිමත් ආයතන සහ කර්මාන්ත ගොඩනැඟීම සඳහා සේවක පාර්ශ්වය මූලික කරගත් නවෝත්පාදනවල ඇති වැදගත්කම මැනවින් අවධාරණය කෙරිණි.

    මෙහිදී සම්මානයට පාත්ර වූ ව්යාපෘති 30ම සෞඛ්යය සේවා සැපයීමේ දී මුහුණ දීමට සිදුවන සැබෑ සහ ප්රායෝගික අභියෝගයන් සඳහා විසඳුම් ලබා දී තිබීම විශේෂත්වයකි. හදිසි ප්රතිකාර ප්රමාදයන් අවම කිරීම, බාහිර රෝගී භෞතචිකිත්සක සූදානම් වීමේ කාලය අඩු කිරීම, රෝගීන් සමඟ පවත්වන සන්නිවේදනය දියුණු කිරීම, ඖෂධ කළමනාකරණය සහ වෛද්ය වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම වැනි ව්යාපෘති ද මීට ඇතුළත් විය. තවද මෙම තත්ත්ව වර්ධනයන් සායනික සත්කාරයන්ට පමණක් සීමා නොවී රෝගියාගේ සමස්ත රෝහල් අත්දැකීමේ සෑම අංශයකටම ව්යාප්ත වී ඇති බව තහවුරු කරමින් එන්නත් කටු ආශ්රිත අනතුරු අවම කිරීම, ඩයලිසිස් සේවා (Dialysis services) වැඩිදියුණු කිරීම, ඇමතුම් මධ්යස්ථාන කාර්යසාධනය ශක්තිමත් කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සායනික අපද්රව්ය වෙන් කිරීම, විධිමත් කිරීම වැනි වෙනත් ව්යාපෘති කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබුණි.

    මෙම සියලු මුලපිරීම් මඟින් පැහැදිලි වන්නේ හේමාස් රෝහල් ජාලය සිය දෛනික මෙහෙයුම් කටයුතු තුළටම ගුණාත්මක තත්ත්ව සංවර්ධනය බද්ධ කරමින් මෙරට සෞඛ්යය සේවාවේ ප්රමිතීන් අඛණ්ඩව ඉහළ නංවන ආකාරයයි. එමෙන්ම, හේමාස් රෝහල්හි පවතින උසස් ගුණාත්මකභාවය සායනික ප්රතිකාර (Clinical Care) සඳහා පමණක් සීමා නොවී, රෝගියෙකු රෝහල වෙත පැමිණෙන මොහොතේ සිට පිටව යන තෙක් මුහුණ දෙන සෑම සේවා අවස්ථාවකටම එක සේ ව්යාප්ත වී ඇති බව මෙම ජාතික ඇගයීම මඟින් නැවත වරක් තහවුරු වේ.

    හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් මෙම ව්යාපෘති දියත් කර තිබුණි. එහිදී රෝගී සේවාවන් සමඟ සෘජුවම සම්බන්ධ වන සේවකයින් විසින් පවතින ගැටලු හඳුනාගෙන, ඒ සඳහා ප්රායෝගික විසඳුම් ක්රියාවට නැංවීම සුවිශේෂී වේ. මිනිස් ශ්රමය සහ දායකත්වය මුල් කරගත් මෙම ප්රවේශය රෝගී ආරක්ෂාව ශක්තිමත් කිරීමට, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, සේවාවන්හි ස්ථාවරභාවය රැක ගැනීමට මෙන්ම සමස්ත සෞඛ්යය සේවා අත්දැකීම තවදුරටත් ගුණාත්මක කිරීමට ඉවහල් වී ඇත.

    මෙම සුවිශේෂී ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් හේමාස් රෝහල් සමූහයේ වෛද්ය සේවා සහ ගුණාත්මකභාවය පිළිබඳ අධ්යක්ෂ, වෛද්ය මලිත් අතපත්තු මහතා, “ගුණාත්මක තත්ත්ව සංවර්ධන ව්යාපෘති 30ක් සඳහාම ජාතික මට්ටමේ ඇගයීමක් හිමිවීම අපගේ කණ්ඩායම් ලැබූ සුවිශේෂී සන්ධිස්ථානයක්. උසස් සෞඛ්ය සේවාවක් සැපයීම වෙනුවෙන් අප සතු නොසැලෙන කැපවීම මෙයින් පෙනෙනවා. මෙම ජයග්රහණය පිටුපස තිබෙන්නේ අපගේ කණ්ඩායම්වල සාමාජිකයින්ගේ කැපවීමයි. ඔවුන් නිරන්තරයෙන්ම සේවාවන්හි අඩුපාඩු මඟහරවා ගත හැකි අවස්ථා හඳුනාගනිමින්, සම්ප්රදායික ක්රමවේදයන්ට අමතරව රෝගියා කේන්ද්ර කරගත් නව්ය සහ ප්රායෝගික විසඳුම් ක්රියාවට නැංවීමට නිරන්තරයෙන් කටයුතු කරනවා. සැබෑ ගුණාත්මක තත්ත්ව සංවර්ධනයක් ආරම්භ වන්නේ රෝගී සේවාවන් සමඟ සෘජුවම සම්බන්ධ වන අපගේ සේවකයින්ගෙන්. ඔවුන් සතු වෘත්තීය ප්රවීණත්වය, අන්යෝන්ය සහයෝගීතාවය සහ කැපවීම, අපේ ආයතනය පුරා අර්ථවත් මෙන්ම තිරසාර වෙනසක් ඇති කිරීමට මූලිකම හේතුව වෙනවාලෙස අදහස් දැක්වීය.

    මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනාගන්නා ලද ඉහළම සම්මාන සංඛ්යාව හිමිකර ගනිමින්, සෞඛ්යය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය තුළ ජාතික මට්ටමේ ප්රමුඛයා ලෙස හේමාස් රෝහල් ජාලය සිය අනන්යතාවය තහවුරු කරගෙන ඇත. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, මෙම සුවිශේෂී ජයග්රහණය සමස්ත සෞඛ්යය ක්ෂේත්රයටම පැහැදිලි ආදර්ශයක් සපයා දීමයි. එනම්, අඛණ්ඩ වර්ධනයක් වෙනුවෙන් ගොඩනැඟුණු ශක්තිමත් සංස්කෘතියක් තුළින් රෝගී සත්කාරය, ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ රෝගී අත්දැකීම ඉහළ නැංවීමට රෝහලකට  කටයුතු කළ හැක්කේ කෙසේද යන්න හේමාස් රෝහල් සමූහය මෙයින් මැනවින් පෙන්වා දී තිබේ. ඒ අනුව, ව්යාපෘති තිහක් සහ සම්මාන තිහක් සමඟින් උසස් සෞඛ්යය සේවාව වෙනුවෙන් එක් ජාතික සලකුණක් තැබීමට හේමාස් රෝහල් ජාලය මෙලෙස සමත්ව ඇත.

     

    Photo caption - 2026 ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මේලනයේ දී (NCQP) හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සම්මාන 30කින් පිදුම් ලැබූ අවස්ථාව