ලංකාවේ කාර් ලියාපදිංචිය හිස ඔසවයි

    July, 7, 2014

    මේ වසරේ මුල් මාස හතර තුළදී මෙරට ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රමාණය 2013 වසරේ මුල් මාස හතරට සාපේක්ෂව සියයට 21.7 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇතැයි හෙළිවේ.

    මේ අනුව, මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවට (MID – YEAR FISCAL POSITION REPORT 2014) අනුව 2013 මුල් කාර්තුවේදී මෝටර් රථ 7,177 ක් මෙරට ලියාපදිංචි කරද්දී 2014 මුල් කාර්තුවේදී ලියාපදිංචි කර තිබෙන මෝටර් රථ පමාණය 8737 ක් දක්වා වර්ධනය වී තිබේ.  මෙය මෝටර් රථ 1560 ක වර්ධනයකි.

    මේ වසරේ මුල් මාස හතර තුළදී ලංකාවට ආනයනය කළ මෝටර් රථ ප්‍රමාණයද ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 52.9 කින් විශාල ලෙස වර්ධනය වී ඇත.

    2013 මුල් කාර්තුව තුළදී ලංකාවට මෝටර් රථ 5896 ක් ආනයනය කර තිබුණු අතර මේ වසරේ මුල් කාර්තුව තුළදී මෝටර් රථ 9013 ක් ආනයනය කර තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.