ලංකාවේ කෑම කඩයක් ජැකලීන් ඉන්දියාවට ගෙන යයි

    August, 24, 2016

    සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් විසින් මුම්බායි නුවර දී අවහන්හලක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර සිටී.

    මීට වසර දෙකකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස සමඟ එක් වී ‘කෑම සූත්‍ර‘ නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කිරීමට ජැකලීන් පියවර ගත්තාය. ඉන්දියාවේ ඇරඹීමට යනුයේ මෙම අවහන් ජාලයේ ම දිගුවක් බවයි වාර්තා වන්නේ.

    ජැකලීන් සිය රංගන වෘත්තිය සඳහා වැඩි කාලයක් මුම්බායි නුවර ගත කරන නිසා සිය අවහන්හල් ව්‍යාපාරය මුම්බායි දක්වා ව්‍යාප්ත කිරීමට ඇය විසින් කටයුතු කරනු ලබන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් මෙහිදී කියා සිටී.