ලංකාවේ ජනතාව ක්‍රෙඩිට් කාඩ්වලට රු. බිලියන 160.9ක් ණයයි

    August, 21, 2025

    පසුගිය 2025 ජූනි මාසය තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ. එහිදී 2025 මැයි මාසයේ දී මෙරට මුළු සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2,064810 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර එය 2025 ජූනි මාසයේ දී  2,075,744ක් දක්වා කාඩ්පත් 10,934කින් ඉහළ ගොස් ඇත.

    මේ අතර 2025 ජූනි මාසය අවසානයේ දී මෙම මුළු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ඇති නොපිය වූ ශේෂය හෙවත් මුළු හිඟ මුදල රු. මිලියන 160,909 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 මැයි මාසය වන විට දැක්වුණේ රු. මිලියන 160,370 ක් ලෙසිනි. ඒ අනුව රු. මිලියන 539කින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඇති මුළු නොපියවූ ශේෂය ඉහළ ගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates