ලංකාවේ නැව් දෙකක් සිංගප්පූරු සමාගමකට කුලියට දෙන්න කැබිනට් අනුමැතිය

    May, 31, 2022

    ලංකා නැව් සංස්ථාව සතු Mv.Ceylon Breeze සහ Mv.Ceylon Princess යන නෞකා දෙක 2022 නිරිත දිග මෝසම් කාලය තුළ ජාත්‍යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම නෞකා දෙක වාණිජ කළමනාකරණ ක්‍රමවේදය යටතේ එකී කාලසීමාව තුළ සේවයේ යෙදවීම පිණිස වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Wallem Shipping Pte Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.