ලංකාවේ වාහන ණය ප්‍රතිපත්තියෙන් ඉන්දියාවට දැඩි බලපෑම්

    March, 23, 2017

    ශ්‍රී ලංකාවේ වාහන වෙ‍ළෙඳපොළ වෙත හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයින් ගණනාවක්ම අසීරුතාවයට පත්ව ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

    මරුති සුසුකි, රෙනෝල්ට්, නිසාන් සහ බජාජ් වාහන නිෂ්පාදකයින්ගේ මෝටර් රථ අලෙවිය මේ හේතුවෙන් පහළ ගොස් ඇති බව එහි වැඩිදුරටත් වාර්තා වේ.

    මීට පෙර මෝටර් රථ සඳහා එහි වටිනාකමෙන් සියයට 70 ක් දක්වා බැංකුවලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව තිබුණද අද වන විට එය මෝටර් රථ සඳහා සියයට 50 ක් දක්වාත් ත්‍රීරෝද රථ සඳහා සියයට 25 ක් දක්වා ත් සීමා කර තිබේ.

    මෙම තත්ත්වය ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින් හට සුවිශාල බලපෑමක් එල්ල කර ඇතැයි මෙහි වැඩිදුරටත් සඳහන් වේ.