ලංකා වෝල්ටයිල්ස්, ලංකා සෙරමික් මුල් පුටු ධම්මිකට

    March, 23, 2017

    ලංකා සෙරමික් පීඑල්සී හා ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම සමාගම් හි සභාපති ධුර සඳහා පත්කරනු ලැබූ බව අදාළ සමාගම් වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරයා වන පී.ඩබ්. කෝපරේට් සෙක්‍රෙට්රියල් (පුද්) සමාගම දන්වා සිටී.

    2017 මාර්තු 15 වන දින සිට අදාල පත්කිරීම බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර ලංකා වෝල්ටයිල් හා ලංකා සෙරමික් සමාගම් වල නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ඒ.එම්. වීරසිංහ මහතා පත්කර ඇත. තවද ස්විස්ටෙක් සිලෝන් සමාගමේ සභාපතිවරයා වශයෙන් ද ඒ මහතා පත්කර තිබේ.