ලංකා වාණිජ මණ්ඩලය හා මිලේනියම් චැලේන්ජ් අතර සාකච්ඡා

    April, 26, 2016

    ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලය නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

    මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විෂ් ගෝවින්දසාමි, ප්‍රධාන විධායක නිලධාරිනී ධාරා විජයතිලක හා හිටපු සභාපති සුරේෂ් ෂා යන මහත්ම මහත්මීන් එක්විය.

    ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය හා මෙරට තුළ පුද්ගලික අංශයේ ආයෝජන සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා කෙරුණි.