ලංකා IOC ලාභ දෙගුණ වෙයි

    May, 2, 2023

    මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් 2023 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල අද (02) දින ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙම මූල්‍ය ප්‍රතිඵලවලට අනුව 2023 ජනවාරි - මාර්තු කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 7.62 ක් වේ. මෙය 2022 ජනවාරි - මාර්තු කාර්තුවේ ලාභ අගය වූ රු. බිලියන 3.37 හා සැසඳීමේ දී 126% ක වැඩිවීමකි.

    මේ අතර සමාගමේ ආදායම මෙම කාර්තුව තුළ දී වාර්ෂික පදනම මත රු. බිලියන 29.48 සිට රු. බිලියන 68.72 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ලංකා IOC සමාගම පවසන පරිදි 2023 මාර්තු 31 න් අවසන්, 2022-23 මූල්‍ය වර්ෂය තුළ දී සමාමේ සමස්ත බදු පසු ලාභය රු. බිලියන 38.14 කි. මෙය 2021-22 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වී තිබුණේ රු. බිලියන 4.81 ක් ලෙසිනි.