ලංගම ආසන වෙන්කිරීම දැන් අන්තර්ජාලයෙන්

    July, 16, 2018

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් බස් සේවා සඳහා ආසන වෙන්කිරීමේ පහසුකම අන්තර්ජාලය ඔස්සේ ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ.

    https://sltb.express.lk/ වෙඩ් අඩවියට අනුව කොළඹ සිට යාපනය, කතරගම, අම්පාර, බදුල්ල, අනුරාධපුරය වැනි ජනප්‍රිය ගමනාන්ත ගණනාවකටම අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීමේ පහසුකම මේ වන විට ක්‍රියාත්මක කර ඇත.