ලංගම තෙල් කොන්ත්‍රාත්තුවට සංස්ථාව නැහැ

    October, 25, 2018

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සඳහා තෙල් හා ලිහිසි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Lanka IOC PLC, M/s. Cheveron Lubricant Lanka PLC සහ M/s. McLarens Lubricants Ltd. යන ආයතන වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කෙසේ වෙතත් මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ දී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එම අවස්ථාව ගිලිහී යාම සුවිශේෂී සිද්ධියකි.