ලක්ෂ ‍දෙකේ රක්ෂණ අභියෝගය භාර ගන්න අපි සූදානම් VIDEO

    November, 15, 2016

    12 වන ජාත්‍යන්තර ක්ෂුද්‍ර රක්ෂණ සමුළුව (12th International Microinsurance Conference) අද (15) දින කොළඹ දී ආරම්භ විය. 2016 නොවැම්බර් 15-17 තෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 50 කින් 400 කට වැඩි පිරිසක් එක්වීමට නියමිතය.

    සමුළු ආරම්භයට පෙර අද (15) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් සංවිධායක කමිටු සභාපති ආචාර්ය ජගත් අල්විස් මහතා කියා සිටියේ රක්ෂණ, ප්‍රතිරක්ෂණ, ජංගම මෙහෙයුම්කරුවන්, රක්ෂණ නියාමකයින් ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් මෙම සමුළුවට එක්වන බවයි. තවද සෙසු රටවල රක්ෂණ කර්මාන්තයේ විශේෂඥයින් සමඟ තම අත්දැකීම් බෙදාහදා ගැනීමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස මෙම සමුළුව හැඳින්වීමට ආචාර්ය ජගත් අල්විස් මහතා මෙහිදී කටයුතු කළේය.

    මේ අතර මෙවර 2017 අයවැය යෝජනා අනුව පාසැල් සිසුන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීමට කළ යෝජනාව සම්බන්ධයෙන් මෙරට රක්ෂණ කර්මාන්තයේ ප්‍රතිචාරය කෙසේදැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අල්විස් මහතා මෙසේ කියා සිටියේය.

    “රජය මේ අවුරුද්දේ බජට් එකෙන් යෝජනා කරලා තියෙනවා, පාසැල් සිසුන්ට ලක්ෂ 2 ක රක්ෂණයක්. ඒ පිළිබඳ තවම අපිට හරි විස්තර ලැබිලා නැහැ. මෙය සෞඛ්‍ය රක්ෂණයක් වෙන්න පුළුවන්, නැතිනම් පුද්ගලික අනතුරු ආවරණ රක්ෂණයක් වෙන්න පුළුවන්. රක්ෂණ කර්මාන්තයේ අපේ සාමාජිකයින් මෙම අභියෝගය භාර ගන්න සූදානම්. අඩුම මිලට එම රක්ෂණය ලබා දෙන්න අප සංගමයේ රාජ්‍ය හා පුද්ගලික රක්ෂණ සමාගම් සූදානමින් සිටිනවා.“

    මේ පිළිබඳ වැඩි විස්තර පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=YciIz61_6eA&feature=youtu.be