ලාෆ්ස් කොටස් මිල ගණන්වල දැවැන්ත වැඩිවීමක්

    September, 8, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර තිබෙන ලාෆ්ස් සමූහයට අයත් සමාගම් ද්විත්වයක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල කොටස් මිල ගණන් අද (08) දින දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය.

    එහිදී ලාෆ්ස් ගෑස් පීඑල්ස් (ඡන්ද බලය හිමි) කොටසක මිල රු. 40.20 සිට රු. 66.50 ක් දක්වා රු. 26.30කින් හෙවත් 65.42%කින් සහ ලාෆ්ස් ගෑස් පීඑල්ස් (නිෂ්ඡන්ද) කොටසක මිල රු. 24.30 සිට රු. 37.90 ක් දක්වා රු. 13.60කින් හෙවත් 55.97% කින් ඉහළ ගියේය.

    තවද, ලාෆ්ස් පවර් පීඑල්සී (ඡන්ද බලය හිමි) කොටසක මිල රු. 12.70 සිට රු. 20.10 ක් දක්වා රු. 7.40කින් හෙවත් 58.27%කින් සහ ලාෆ්ස් පවර් පීඑල්සී (නිෂ්ඡන්ද) කොටසක මිල රු. 8.70 සිට රු. 14.20 ක් දක්වා රු. 5.50 කින් හෙවත් 63.22%කින් දිනය තුළ ඉහළ ගොස් තිබුණි.

    සබැඳි පුවත්;

    ධම්මිකගේ අධිරාජ්‍යය සමඟින් ලාෆ්ස් එක්වෙයි

    September, 8, 2025

     

     

    Video Story

    Stock Market

    Exchange Rates