May, 2, 2019
පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අයවැය යෝජනාවක් අනුව පාසල්වලට පරිගණක පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, ද්වීතියීක ශ්‍රේණි සහිත පාසල්වල පරිගණක අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ලැප්ටොප් පරිගණක 160,000ක් මිල දී ගැනිමට අවශ්‍ය අරමුදල් වෙන්කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story