ලිට්‍රෝ ගෑස් සමාගමේ ඩොලර් මිලියන 3.76ක හිස් සිලින්ඩර් කොන්ත්‍රාත්තු තායිලන්ත සමාගම් 2ක් වෙත

    September, 10, 2020

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත ද්‍රව පෙට්‍රෝලියම් (LPG) වායු හිස් ලෝහ සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව තායිලන්තයේ Metal Mate Co. Ltd සහ  Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    මෙහිදී කිලෝග්‍රෑම් 2.3, 12.5 හා 37.5 යන කාණ්ඩයන් යටතේ පිළිවෙලින් සිලින්ඩර 22,000ක්, 105,056ක් සහ 1,260 ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 2.18 ක මුදලකට Metal Mate Co. Ltd  වෙත සහ කිලෝග්‍රෑම් 05 කාණ්ඩය යටතේ සිලින්ඩර 117,040ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 1.58 ක මුදලකට Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ලබා දීමට තීරණය වී ඇත.