ලුම්බිණි රඟහල නවීකරණයට පියවර

    July, 23, 2020

    වර්ෂ 1952 දී ඉදි කරන ලද ලුමිබිණි රඟහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන අතර එහි ශබ්ද පරිපාලන පද්ධතිය, ආසන ප්‍රමාණය, සනීපාරක්ෂක පහසුකම් කාලයට ඔබින සේ යාවත්කාලීන වී නොමැත.

    එබැවින්, එය නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සැලසුම් කර ඇති ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා නිර්මාණය කර ඉදිකිරීමේ පදනම යටතේ ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමටත් නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.