“ලේක් ලෙෂර්“ හා “වෝටර් ෆ්‍රන්ට්“ කැසිනෝ බලපත්‍ර දෙකට ඉඩ නොදෙන බව මෛත්‍රීපාල කියයි

    December, 19, 2014

    “ලේක් ලෙෂර්“ හා “වෝටර් ෆ්‍රන්ට්“ කැසිනෝ බලපත්‍ර දෙක අවලංගු කරන බව ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද එළි දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

    එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එය සඳහන් වන්නේ මෙසේයි.

    “වෝටර් ෆ්‍රන්ට් හා ලේක් ලෙෂර් කැසිනෝ බලපත්‍ර දෙකට ඉඩ නොදෙමි.“

    මේ අතර, මෙහි සඳහන් කර තිබෙන්නේ උපාය මාර්ගික පනත සම්මත වූදා සිට එකී බදු සහන ලබාදී තිබෙන ව්‍යාපෘති අධ්‍යනය කර අවිධිමත්, වංචාකාරී ව්‍යාපෘති උපාය මාර්ගික තත්ත්වයෙන් ඉවත් කරන බවයි.

    ජෝන් කීල්ස් සමූහය විසින් මේ වනවිටත් “වෝටර් ෆ්‍රන්ට්“ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන අතර ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඩොලර් මිලියන 445 ක ණයක් ලබාගැනීමට පසුගියදා ගිවිසුමකටද එළඹුණි.

    මෙම ව්‍යාපෘතිය යටතේ හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ ඉදිකිරීමටද සැලසුම් කර ඇත.