ලොතරැයිවලින් බිහිවූ කෝටිපතියන් දෙදෙනෙකුට ත්‍යාග මුදල් අගමැති අතින්

    January, 7, 2021

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක සහ ජයෝදා ලොතරැයිපත්වලින් බිහි වූ සුපිරි කෝටිපති ජයග්රාහකයින් දෙදෙනෙකු සඳහා අද (07) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ චෙක්පත් ප්රදානය කරන ලදී.
    කෝටිපති කප්රුක 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/-ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට හා ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 57,138,276/- ක මුදල දිනාගත් ගල්ගමුව ඒ.ජී.බී.ජී. කොඩිතුවක්කු මහතාට මෙහි දී අදාළ චෙක්පත් ප්‍රදානය කෙරුණි.
    ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්රාහකයින් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වඩා පහළ මට්ටටමට වැටී ඇති බවත් එහෙයින් මෙම ජයග්රාහී මුදල් දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
    මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.