ලොව ධනවත්ම කළු ජාතික ව්‍යාපාරිකයාගේ සොහොයුරා ව්‍යාපාරික හමුවකට ශ්‍රී ලංකාවට

    July, 18, 2019

    නයිජීරියාවේ ප‍්‍රකට ව්‍යාපාරික සමාගමකවන ‘බෙල්මරී සමූහ ව්‍යාපාරයේ (Bellmari Group) හි සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, වෆයිලූ බෙලෝ මහතා ව්‍යාපාරික හමුවක් සඳහා කොළඹ පිහිටි Idea සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයට පසුගියදා පැමිණියේය. එහිදී වෆයිලූ බෙලෝ මහතා Idea සමූහ ව්‍යාපාරයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, සම්පත් මායාකඩුව මහතා සමග නව වෙළෙඳපොලක් සඳහා උපාය මාර්ගික සාකච්ජා පැවැත්විය.

    ‘බෙල්මරී’ සමූහ ව්‍යාපාරයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, වෆයිලූ බෙලෝ මහතා Dangote Industries ව්‍යාපාර සමූහයේ හිටපු සාමාන්‍යාධීකාරීවරයා ද වන අතර ඔහු ලොව ධනවත්ම කළු ජාතික ව්‍යාපාරිකයාවන අලිකෝ ඩැන්ගෝට් මහතාගේ සොයුරා ද වේ. වෆයිලූ බෙලෝ මහතා සභාපතීත්වය හා ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර දරණ ‘බෙල්මරී’ සමූහ ව්‍යාපාරය බලශක්ති, ලිහිසි තෙල්, නාවුක සේවා, වාණිජ ගොවිපල හා නැව් හා ගුවන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයෙහි ව්‍යාපාරකරණයෙහි යෙඳෙන සමාගමකි. එමෙන්ම පෝර්ට් හාර්කෝර්ට් විශ්ව විද්‍යාලයෙන් බැංකුකරණය හා මූල්‍ය කටයුතු පිළිබඳ උපාධිය හා ෆෙරීස් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හිමිකරගත් වෆයිලූ බෙලෝ මහතා වසර 20කට වැඩි කාලයක ව්‍යාපාර කළමනාකරණ පළපුරුද්ද හිමිකරගත්තෙකි.

    ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වාදුන් හා ව්‍යාපාරික විවිධාංගීකරණයෙන් යුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමකවන Idea සමූහ ව්‍යාපාරය, තම ප‍්‍රමුඛතම නිෂ්පාදනවන i-Panel සිවිලිම් ෂීට් හා i-Roof සෙවිලි ඇතුළු පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් නිපදවන සමාගමකි.

    ‘බෙල්මරී’ සමූහ ව්‍යාපාරයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, වෆයිලූ බෙලෝ මහතා හා Idea සමූහ ව්‍යාපාරයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී, සම්පත් මායාකඩුව මහතා අතර පැවති ව්‍යාපාරික හමුවෙහි අරමුණවූයේ නයිජීරියාව හා අසල්වැසි රටවල නැගීඑන ඉදිකිරීම් කර්මාන්තයට Idea නිෂ්පාදන සැපයීමේ හැකියාව හඳුනාගැනීමය. එම ව්‍යාපාරික හමුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ Idea සමූහ ව්‍යාපාරයේ ජ්‍ය්ෂ්ඨ කළමනාකරුවෙකු පැවසුවේ එම ව්‍යාපාරික හමුව සාර්ථක මුහුණුවරක් ගත් බව හා ඉදිරියේදී Idea නිෂ්පාදන අපනයනය කරන රටවල් අතරට නයිජිරියාව හා අසල්වැසි රටවල්ද එක්වීමට නියමිත බවය.

    Idea සමාගම ගොඩනැගිළි ඉදිකිරීමේදී භාවිතා කෙරෙන දැව වෙනුවට මිනිසාට අහිතකර අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක්ම මෙරට වෙළෙඳපොලට ඉදිරිපත්කිරීමෙන් වන විනාශයට කදිම හා නිවැරදි විසඳුමක් සැපයූ සමාගමකි. එහෙයින් එම සමාගම මෙරට ගස් නොකපා එය වෙනුවට පරිසර හිතකාමී නිෂ්පාදන ඉදිරිපත්කිරීමෙන් කෙටි කළක් තුළ සිංහරාජ වනාන්තරය තරමින් වෘක්ෂ ඉතිරි කළ සමාගමක් සේ පිළිගැනේ.

    100%ක්ම දේශීයව නිපදවන Idea සමූහ ව්‍යාපාරයෙහි නිෂ්පාදන සඳහ ASA පොලිමර් නිෂ්පාදන කර්මාන්තශාලාව කටානෙහි පිහිටුවා තිබෙන අතර එය දකුණු ආසියාවෙහි විශාලතම ASA පොලිමර් කර්මාන්තශලාවද වේ. වන විනාශයට එරෙහි හා නූතනයට ගැලපෙන නව නිපැයුම් කෙරෙහි උනන්දුවක් දක්වන නවතාලෙට සිතන බොහොමයක් Idea සමාගමෙහි නිෂ්පාදන කෙරෙහි විශ්වාස තැබීම හේතුවෙන් කෙටි කළක් තුළ එම සමාගමට දැවැන්ත සාර්ථකත්වයක් හිමිවිය. එමෙන්ම  ඕනෑම ආර්ථික පසුබිමකට ගැලපෙන ගෘහ අලංකරණ අවශ්‍යතාවන් ඉටුකරදෙන දීප ව්‍යාප්ත ‘සිවිලිම’ ප‍්‍රදර්ශනාගාර 400කට වැඩි ප‍්‍රමාණයක් සතු එම සමාගමේ ප‍්‍රදර්ශනාගාර ජාලය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ පෙරළියක් ඇති කළ මෙරට විශාලතම ප‍්‍රදර්ශනාගාර ජාලයද වේ. එහෙයින් මෙරට පුරා විසිරුණු  ඕනෑම පාරිභෝගිකයෙකුට තම නිවස හෝ ගොඩනැගිල්ල අලංකරණය කරගැනීමට අවශ්‍ය නිෂ්පාදන එමගින් පහසුවෙන් මිලදීගත හැකිවීම විශේෂත්වයකි.

    i-Panel සිවිලිම් ෂීට් විවිධ මෝස්තර 100කට වැඩි ප‍්‍රමාණයක් කැමැති ආකාරයට තෝරාගැනීමේ හැකියාව මෙරට පාරිභෝගිකයන්ට ලැබෙන අතර  ඕනෑම දිගකින් හා පුරුදු රැල්ල සහිතව ලබාගත හැකි i-Roof සෙවිලි ලබාගත හැක. තවද එම සමාගමේ කාර්මික මෝස්තර සඳහා පේටන්ට් බලපත‍්‍ර 32කට වැඩි ප‍්‍රමාණයක් හිමිවීම විශේෂත්වයකි.

    2013 වසරේදී මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් අයිඩියා සමූහ ව්‍යාපාරයේ ‘සිවිලිම’ වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ සන්නාමයක් බවට පත්වූ අතර එම ‘සිවිලිම’ සන්නාමය යටතේ ස-ඡු්බැක හා ස-ඍදදෙ ප‍්‍රමුඛව තවත් නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් නිපද වේ.