ලොව ප්‍රථම වරට ත්‍රිත්ව කැමරා පහසුකම් සහ AI තාක්ෂණය සහිතව එන Huawei P20 Pro ශ්‍රී ලංකාවට

    April, 29, 2018

    AI තාක්ෂණය මඟින් ඡායාරූපකරණය මෙහෙයවීමේ හැකියාව සහිතයි

    ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය නවතම නිෂ්පාදනය වන Huawei P20 Pro ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම පැවැත්වුනු අතර ඒ සඳහා Huawei ස්මාර්ට්ෆෝන් හි ශ්‍රී ලංකා කළමණාකාරීත්වය සහ සිංගර් ශ්‍රී ලංකා කළමණාකාරීත්වය මෙන්ම ප්‍රමුඛ බෙදාහැරීම් නියෝජිතයින් සහ විවිධ ආරාධිතයෝද එක්ව සිටියහ. ReadMe හි සම නිර්මාතෘ ඇන්ඩෘ ජෙබරාජ් විසින් මෙම අවස්ථාවේදී එම නවතම ස්මාර්ට්ෆෝනයේ විශේෂාංග පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකළ අතර ප්‍රමුඛ ඡායාරූප ශිල්පියෙකු වන මාලක ප්‍රේමසිරි මහතා ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය පිළිබඳ අදහස් දැක්වීය.

    ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණයේ නව පෙරළියක් ඇති කරමින් ලොව ප්‍රමුඛතම කැමරා තාක්ෂණය වන Leica කැමරා ත්‍රිත්වයකින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වීම විශේෂත්වයකි. මෙම පෙරළිකාර ස්මාර්ට්ෆෝනය AI තාක්ෂණයෙන් ද සමන්විත වන නිසා ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණයේ නවතම අත්දැකීම් විඳගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඡායාරූපකරණයේ නවකයෙකුට වුවද වෙහෙසකින් තොරව වෘත්තීය මට්ටමේ විශිෂ්ට ඡායාරූපයක් ලබාගැනීමට ඇති පහසුකම මෙහි ඇති විශේෂත්වයකි.

    40MP RGB සෙන්සර් පහසුකම සහිතව නිපදවා ඇති පසුපස කැමරා පද්ධතිය 20MP monochrome sensor පහසුකම් සහ 8MP sensor පහසුකම් වලින් යුක්ත වෙයි. 24MP සෙල්ෆි කැමරාවක් සහිතව හඳුන්වා දෙන Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය එම සෙල්ෆි ඡායාරූප නවතම ආකාරයට හැඩගන්වා ගැනීමේ පහසුකම් වලින් සහ 3D ආලෝකකරණ පහසුකම් වලින් ද යුක්ත වෙයි. තවද සමෙහි වර්ණය, මුහුණේ ස්වරූපය ආදිය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ පහසුකම් මෙම 3D ආලෝකකරණ පහසුකම් යටතේ ලබාගත හැකි අතර එමඟින් තත්වයෙන් උසස් ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව පවතියි.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ පාරිභෝගිකයා වෙත විශිෂ්ට නිෂ්පාදන හඳුන්වා දෙමින් නව ඇත්දැකීම් තිළිණ කිරීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැදින්විය හැකි බවයි. Huawei හි තවත් විප්ලවීය හඳුන්වාදීමක් ලෙස Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය හදුන්වාදීමට අවස්ථාව හිමිවීම සතුටට කරුණක් බව ද හෙතෙම සඳහන් කළේය.

    Huawei P20 Pro ලොව මුල්ම ත්‍රිත්ව කැමරා පහසුකම් සහිත ස්මාර්ට්ෆෝනය මෙන්ම ඊටම ආවේණික වූ විශේෂාංග නිසා විප්ලවීය හඳුන්වාදීමක් වන බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. පාරිභෝගික අවශ්‍යතා හදුනාගනිමින් Huawei කටයුතු කරන ආකාරය මෙම හඳුන්වාදීම තුළින් තවදුරටත් තහවුරු කර දක්වා ඇති බව පීටර් ලියු මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික භාණ්ඩ බෙදාහරින්නා වන සිංගර් සිය පාරිභෝගිකයින් වෙත හොඳම නිෂ්පාදන සපයමින් පාරිභෝගික විශ්වාසය දිනා ඇති බවයි. එලෙස පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන තවත් විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය හැඳින්විය හැකි බවත් හෙතෙම පැවසීය. වසර 2012 සිට Huawei හි ජාතික බෙදාහරින්නා ලෙස කටයුතු කරමින් සිය පාරිභෝගිකයින් වෙත Huawei හි උසස් තාක්ෂණය පිරිනැමීමට සිංගර් සමාගමට හැකියාව ලැබී ඇති බවද හෙතම පෙන්වා දුන්නේය.

    විචිත්‍රවත් වර්ණ සංයෝජනයකින් සමන්විත සම්පූර්ණ තිරයක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය 18.7:9.ක Aspect Ratio සහ 6.1” OLED Display පහසුකම් සහිතව නිපදවා තිබේ. 6GB RAM සහ 128GB ROM ආදී ධාරිතාවකින් යුතු මෙම Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය 4,000mAh බැටරියකින් යුක්ත වෙයි. තව ද Kirin 970 කෘත්‍රිම බුද්ධියකින් හෙබි චිප් පහසුකම සහිත මෙම නවතම හඳුන්වා දීම ඇඟිලි සළකුණු තාක්ෂණය සහ bezel-less ඩිස්ප්ලේ පහසුකම් වලින් යුක්ත වෙයි.

    නවතම Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය වසර දෙකක Huawei වගකීමක් සහිතව රුපියල් 139,900 ක මුදලකට මිලදී ගත හැකි ය. මෙම නවතම ස්මාර්ට්ෆෝනය විචිත්‍රවත් වර්ණ වලින් මිලදී ගත හැකි අතර දම් සහ නිල් පැහැය සංයෝජනයෙන් සැකසූ “Twilight” වර්ණයෙන් යුක්ත වීම ද විශේෂත්වයකි. එමෙන්ම කළු සහ තද නිල් පැහැයෙන්ද මෙම ස්මාර්ට්ෆෝනය ‍වෙළඳ පළට එයි. Huaweiපාරිභෝගික මධ්‍යස්ථාන, සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස් සහ තෝරාගත් අලෙවි නියෝජිත ආයතන වලින් මෙම Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය මිලදී ගත හැකිය.එමෙන්ම ඩයලොග් ආසියාටා මධ්‍යස්ථාන මොබිටෙල් අලෙවිසැල් වෙතින් ද මෙම ස්මාර්ට්ෆෝනය මිලදී ගත හැකිය.

    වසර 2017 දී Huaweiසන්නාමය Fortune 500 ශ්‍රේණිගත කිරීම් අතර මුල් සන්නාම 100 අතරට එක්වෙමින් 83 වන ස්ථානය හිමිකර ගත්තේය. එමෙන්ම ලොව වටිනාතම සන්නාම දැක්වෙන ෆෝබ්ස් වාර්තා අතර 88 වන ස්ථානයද, BrandZ’s Top 100 වාර්තාවට අනුව 49 වන ස්ථානය ද, හිමිකරගෙන සිටියි. මීට අමතරව 2018 වසරේ Brand Finance Global 500 හි 25 වන ස්ථානයත්, ලොව හොදම සන්නාම සඳහා වන Interbrand’s හි 70 වන ස්ථානයත් හිමිකර ගැනීමට Huaweiසමත් වී තිබේ. තත්වය අතින් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝනය වන Huawei අසමසම තත්වය අතින් වසර ගණනාවක් පුරා මෙරට විශ්වාසය ඉහළින්ම දිනාගත් සන්නාමයකි.