ලොව විශාලතම පොත් අලෙවිය ජුනි මාසයේ යළි ශ්‍රී ලංකාවට

    April, 4, 2018

    ලොව විශාලතම පොත් අලෙවිය  වන Big Bad Wolf පොත් අලෙවිය සිය පාඨකයින් වෙත ජීවිත කාලය තුළදීම පොත් කියවීමේ අත්දැකීම තිළිණ කිරීමට සූදානම් වෙයි. මේ අනුව මෙම පොත් අලෙවිය යළිත් 2018 ජුනි  මාසයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට පෙර අවස්ථාවේදී සේම මෙම පොත් අලෙවිය පැය 24 පුරා විවෘතව තැබීමට නියමිත අතර පොත් මිලදී ගන්නන්ට පහසු අවස්ථාවක ගොස් පොත් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

    පසුගිය  වසරේ මෙම ප්‍රදර්ශනය පැවැති අවස්ථාවේදී  තරුණ වැඩිහිටි වයස් භේදයකින් තොරව පාඨකයින් ඉතා විශාල පිරිසක්  පැමිණ පොත්  මිලදී ගැනීමට උනන්දු විය. පුළුල් පොත් එකතුවකින් සමන්විත මෙම පොත් දැක්ම සුවිශේෂි වූ වට්ටම් යටතේ ක්‍රියාත්මක වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වූ අවස්ථාවේදී අති සාර්ථකත්වයට පත් විය.  මේ වසරේ අපේක්ෂිත කාලයටත් පෙර මෙම  පොත් අලෙවිය නැවතත් පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික පාඨකයින්ට නැවත වරක් එම අත්දැකීම අත්විඳීමට කාලය උදාවී ඇත.

    60% සහ 80% ආදී වශයෙන් වන සුවිශේෂී වට්ටම් යටතේ විවිධ වූ පුළුල්ව පැතිරුණු ෂානරයන් ඔස්සේ  මෙහිදී පොත් අලෙවිකරන අතර රට වටා සිටින පාඨකයින්ට උසස් තත්වයේ කෘතින් මිලදී ගැනීමට ද  අවස්ථාව සැලසෙයි.  සාහිත්‍යයගෘහ නිර්මාණ ශිල්පයවිද්‍යාතරුණ වැඩිහිටිනවකථාකෙටිකථාකොෆි ටේබල් බුක් ආදී ලොව ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයින්ගේ ප්‍රකාශන ඇතුළුව  උසස් තත්වයේ ඉංග්‍රීසි මාධ්‍ය පොත් මිලියන 1.5 ක් පමණ මෙම පොත් දැක්ම සඳහා ඉදිරිපත් කෙරෙයි.

    සාමාන්‍ය පාඨකයාට මිලදී ගත හැකි මිලකට පොත් අලෙවි කිරීම සහ ශ්‍රී ලාංකිකයින් අතර උසස් මට්ටමේ ඉංග්‍රීසි පොත පත පරිශීලනය කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකික පාඨක ප්‍රමාණය ඉහළ නැංවීමේ  අරමුණ මෙම ජාත්‍යන්තර පොත් අලෙවිය මෙරටදී පැවැත්වීමේ අරමුණ වෙයි.

    Big Bad Wolf පොත් අලෙවිය 2009 වසරේදී  මලයාසියාවෙන් ඇරඹි අතර ඇන්ඩෘ යැප් හා ජැකලීන් Ng මෙහි නිර්මාතෘවරුන් වෙති. පසුව ක්‍රම ක්‍රමයෙන් මෙම පොත් අලෙවිය ආසියානු කලාපයේ අනිකුත් රටවල් දක්වා ව්‍යාප්ත කරන්නට විය. ඒ අනුව මේ වනවිට තායිලන්තය පිලිපීනය වැනි රටවල  ක්‍රියාත්මක මෙම පොත් දැක්ම සඳහා  මේ වනවිට සහ ශ්‍රී ලංකාව ද සම්බන්ධ වී සිටියි.