ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

    February, 21, 2017

    මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොව විශාලතම නෞකාව වන Hoegh Tracer, මාර්තු පළමු සතියේ දී හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත බව වාර්තා වේ.

    තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වේ.

    මෙම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ නෝර්වේ ඔස්ලෝ හි Hoegh Autoliners වෙතයි. මෙම නෞකා ගමනයේ දේශීය නියෝජිතයා ලෙසින් කටයුතු කරනු ලබන්නේ Diamond Shipping Services Ltd සමාගමයි.

    හම්බන්තොට වරායට පැමිණෙන මෙම නෞකාවෙන් රැගෙන එන මෝටර් රථ විශාල ප්‍රමාණයක් එතැන් සිට තවත් රටවල් ගණනාවකට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතය.