ලෝක ජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමත් ලකුණු අතර

    April, 22, 2014

    පසුගිය වසරේදී අලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ශ්‍රී ලංකාව ලැබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරග ජයග්‍රහණය හමුවේ මේ වසරේදී ලාභ ලබනු ඇතැයි අනාවරණය වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, නුස්කි මොහොමඩ් මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “2012 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලැබුවා. කෙසේවෙතත්, ගිය වසරේදී ලැබුවේ අලාභයක්. අපි විශ්වාස කරන්නේ මේ වසර අවසානයේදී සුළු ලාභයක් ලබාගැනීමට අපට හැකිවේවි කියායි.“

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ දිනා ගැනීම වෙනුවෙන් හිමිවන මුදල් තවත් මාසයකින් පමණ ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පල කළේය.