April, 12, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ද්විපර්ශවික රටවල මුදල් අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සමඟ අප්‍රේල් 18 සිට 25 දක්වා වැඩසටහන් මාලාවක් පැවැත්වෙන බව මුදල් අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
මේ අතර එළඹෙන සතිය වන විට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලියන 10 ක හදිසි ආධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇති බවත්, ඔවුන්ගෙන් තවත් ඩොලර් මිලියන 500 ක ආධාර ඉල්ලා ඇති බවත් මුදල් අමාත්‍යවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අද (12) කියා සිටියේය.
Video Story