ලෝක බැංකුවේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

    April, 25, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පුළුල් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
    එකී වැඩසටහන සඳහා සිය සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් සහාය දැක්වීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.
    ඒ අනුව, ආර්ථික පාලනය පරිවර්තනය, වර්ධනය හා තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 03 මත පදනම්ව ලෝක බැංකුව විසින් සිය සහාය ලබා දෙනු ඇත.
    යෝජිත වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණ ක්‍රියාවලිය ජනාධිපති කාර්යාලය විසින් සිදු කිරීමටත්, අදාළ අරමුදල් සම්පාදනය කර ගැනීමට අදාළව ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට බලය පැවරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.