ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරුම් වැඩසටහන – 2018 මාර්තු 20

    March, 26, 2018

    වර්ෂ 2018 මාර්තු 20 දිනට යෙදී තිබු ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම පැවැත් වු සැමරුම් වැඩසටහන මෙවර පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මුඛ සෞඛ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් හා ලින්ක් සුදන්ත අනුග‍්‍රාහකත්වයෙන් ඉතා සාර්ථක ලෙස නිම කිරීමට හැකි විය.

    ”නිරෝගී ජිවිතය යහපත් මුඛ සෞඛ්‍යයෙන් අරඹමු” යන තේමාව යටතේ පොළොන්නරු රාජකීය ප‍්‍රාථමික විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත් වු වැඩසටහන මුඛ සෞඛ්‍ය පණිවිඩ රැුගත් අලංකාර පා ගමනක් සහ ඉන් අනතුරුව පැවැත් වු සම්මන්ත‍්‍රණයකින් සමන්විත විය. මේ සඳහා දහසකට ආසන්න පිරිසක් සහභාගී වු අතර, ඔවුන් සඳහා මුඛ රෝග පිළිබඳ දන්ත ශල්‍ය වෛද්‍ය නන්දන කොල්ලූරේ මහතා විසින් දේශණය පැවැත් වු අතර, මුඛ පිළිකා පිළිබඳ ව අලංකාර කෙටි නට්‍ය සංදර්ශනයක්ද , මෙම වැඩසටහන තුළදී පැවැත් විණි.

    මෙහිදී ගර්භනී මවුවරුන් 100 දෙනෙකු සඳහා තිළිණ ප‍්‍රදානයක් ද සිදු විය. මෙම ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරුම සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමන්, ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන්, ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍යතුමන් , රෝහල් අධ්‍යක්ෂකතුමන්, පොළොන්නරු අතිරේක දිස්ත‍්‍රික් ලේකම්තුමන් සහ දිස්ත‍්‍රික් සෞඛ්‍ය බලධාරීන් ද සහභාගී විය.

    එසේම ලින්ක් නැචුරල් සමාගමේ වෙළඳ අධ්‍යක්ෂක නිශාන්ත පරණගම මහතා, අලෙවි අංශ ප‍්‍රධානී මාධවී වොට්සන් මහත්මිය, ආයතනික සබඳතා සහ ප‍්‍රවර්ධන කළමනාකරු ප‍්‍රියන්ත කොලොන්නගේ මහතා ඇතුළු සමාගම් නිලධාරීන් රැසක් ද මේ සඳහා සහභාගී විය.