ලෝක රත්‍රං හිමිකමෙන් 88% ක අයිතිය 20 දෙනෙකුට සීමා වෙයි

    July, 20, 2016

    2016 පළමු කාර්තුව තුළ දී ලෝක රත්‍රං ඉල්ලුම ටොන් 1,290 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 21% ක ඉහළ යාමකි. මේ සම්බන්ධයෙන් ලෝක රන් කවුන්සිලය නවතම වාර්තාවක් සකසා තිබෙන අතර පහත සඳහන් අනාවරණයන් එහිදී ප්‍රකාශයට පත් කර ඇත.

    • 2015 පළමු කාර්තුවේ දී රන් සඳහා වූ ගෝලීය ඉල්ලුම ටොන් 1,070 ක්වූ අතර 2016 පළමු කාර්තුවේ දී එය ටොන් 1,290 දක්වා 21% කින් ඉහළ ගොස් ඇත.
    • කෙසේ වෙතත් රන් සඳහා වන සමස්ත පාරිභෝගික ඉල්ලුම ටොන් 849 සිට ටොන් 736 දක්වා 13% කින් පහළ ගොස් තිබේ.
    • රන් සඳහා වන ගෝලීය ආයෝජන ඉල්ලුම ටොන් 278 සිට ටොන් 736 දක්වා 122% කින් වර්ධනය වී ඇත.
    • ගෝලීය රන් ආභරණ ඉල්ලුම ටොන් 597 සිට ටොන් 482 දක්වා 19% කින් පහළ ගොස් තිබේ.
    • මහ බැංකු ඉල්ලුම ටොන් 112 සිට ටොන් 109 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇත.
    • තාක්ෂණික අංශයේ ඉල්ලුම 2016 පළමු කාර්තුවේ දී ටොන් 81 දක්වා 3% කින් පහළ ගොස් තිබේ.
    • ගෝලීය සැපයුම 2016 පළමු කාර්තුවේ දී ටොන් 1,081 සිට ටොන් 1,135 දක්වා 5% දක්වා 5% කින් ඉහළ ගොස් ඇත.
    • රන් කැණීම් සැපයුම ටොන් 774 දක්වා 8‍% කින් වර්ධනය වී තිබේ.

    පහළ දැක්වෙන්නේ ගෝලීය රන් හිමිකම බෙදී ගොස් ඇති ආකාරයයි. ඊට අනුව ගෝලීය රන්වලින් 24% ක අයිතිය ඇමරිකා එක්සත් ජනපදය සතුවේ. ඊට අමතරව ජර්මනිය 10% ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 8.5% ක්, ප්‍රංශය 7.4% ක්, චීනය 5.5% ක් ලෙසින් ලොව ඉහළම රත්‍රං හිමිකාරීත්වයක් දරනු ලබන රටවල් සහ ආයතන බවට පත් වී ඇත.

    ඊට අනුව ගෝලීය රත්‍රං හිමිකමෙන් 88% ක අයිතිය රටවල් හා ආයතන 20කට පමණක් සීමා වී තිබේ.