ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුරක්ෂා සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    October, 5, 2018

    ඔක්තෝබර් 1 වනදාට යෙදුනු ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ ප්‍රධාන නගර වල පිහිටා තිබෙන රෝහල් වල ළමා වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ දෙමාපියන් වෙතට සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව පණිවිඩය රැගෙන යෑමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැඩසටහනක් ක්‍රියාත්මක  කරන ලදී.

    මෙහි ප්‍රධාන වැඩසටහන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසුරිය මහතා, ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල් අලුත්ගම මහතා, ප්‍රධාන නිළධාරී ව්‍යාපාර සංවර්ධන රුක්මන් වීරරත්න මහතා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී නාමලී සිල්වා මහත්මිය ඇතුළු ජේෂ්ඨ කළමනාකාරීත්වයෙහි සහභාගිත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පැවැත්වුණු අතර දිවයිනේ ප්‍රධාන නගර වල පිහිටා තිබෙන රෝහල් 20 කදී අනෙකුත් වැඩසටහන් පවත්වන ලදී.

    මෙම වැඩසටහන ඔස්සේ සුරක්ෂා ආවරණය මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ සහ එම ප්‍රතිලාභ ලබාගන්න ක්‍රමවේදය පිළිබඳව රෝහල්ගතව සිටින දෙමවුපියන් රාශියක් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් විය.

    සුරක්ෂා යනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ අධ්‍යාපන අමාත්යංශය එක්ව සියලුම ශ්‍රී ලංක ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  හඳුන්වාදී ඇති සෞඛ්ය  හා හදිසි අනතුරු රක්ෂණාවරණයක් වන අතර පාසල තුලදී හා ඉන් පිටතදී සිසුන් මුහුණ දෙන ලෙඩ රෝග හා  හදිසි අනතුරු අනතුරු සඳහා ආරක්ෂාව තහවුරු කිරීමෙන් ආර්ථික තත්වය සමබරව පවත්වාගනිමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට මෙම රක්ෂණ ආවරණය සහයක් වනු ඇත.