ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුරක්ෂා සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    October, 1, 2018

    ඔක්තෝබර් 1 වනදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ ප්‍රධාන නගර වල පිහිටා තිබෙන රෝහල් වල ළමා වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ දෙමාපියන් වෙතට සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව පණිවිඩය රැගෙන යෑමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුදානම්ව වේ.

    සුරක්ෂා යනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ අධ්‍යාපන අමාත්යංශය එක්ව සියලුම ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ හඳුන්වාදී ඇති සෞඛ්‍ය  හා හදිසි අනතුරු රක්ෂණාවරණයක් වන අතර එමගින් ශ්‍රී ලාංකික දරුවන්ගේ ශාරීරික සහ මානසික සුවතාවය ඉහලම මට්ටමක පවත්වා ගැනීම ස්ථිර කිරීමට බලාපොරොත්තු වේ.

    පාසල තුලදී හා ඉන් පිටතදී සිසුන් මුහුණ දෙන ලෙඩ රෝගල අනතුරු හා ආබාධ සඳහා ආරක්ෂාව තහවුරු කිරීමෙන් ආර්ථික තත්වය සමබරව පවත්වාගනිමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට මෙම රක්ෂණ ආවරණය සහයක් වනු ඇත.

    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන තුලින් සුරක්ෂා ආවරණය මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ සහ එම ප්‍රතිලාභ ලබාගන්න ක්‍රමවේදය පිළිබඳව දෙමවුපියන් දැනුවත් කිරීම සිදුකෙරේ.

    මෙම වැඩසටහනෙහිම කොටසක් ලෙස ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ට විශේෂ ත්‍යාගයක් ලබාදීමටද   ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුදානම්ව සිටී.