ලෝ ප‍්‍රකට ‘Englander’ මෙට්ට දැන් ශ‍්‍රී ලංකාවේ

    April, 28, 2017

    ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරය පදනම් කරගත් ලෝ ප‍්‍රකට මෙට්ට සන්නාමයක් වන 'Englander' පසුගිය අපේ‍්‍රල් 26 වනදා කොළඹ ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා හිදී ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට කටයුතු කළේ ය. වසර 100 කට වැඩි ඉතිහාසයක් සහිත 'Englander' ඇමරිකාවේ ප‍්‍රධානතම මෙට්ට සන්නාම 10 අතර පසුවන අතර ලොව නිර්මාණශීලීම මෙට්ට නිෂ්පාදන සමාගමක් ලෙස පෙරමුණේ සිටීමට සමත් වී ඇත.

    බොහෝ පාරිභෝගිකයන් හෝටල්වල ඇති මෙට්ට වැනි වූ සැප පහසුව ඇති මෙට්ට තම නිවසටත් ලබාගැනීමට කැමැත්තක් දක්වති. මෙම අවශ්‍යතාව හොඳින් වටහාගත් .ෑබටක්බාැර. හෝටල් මෙට්ටවලට සමාන ශ්‍රේණියේ මෙට්ට මිලදීගැනීමේ අවස්ථාව සාමාන්‍ය පාරිභෝගිකයන්ටද උදාකර දී තිබේ.
    ‘‘සියවසකට අධික කාලයක් තිස්සේ 'Englander' පරම්පරා ගණනාවක පාරිභෝගිකයන් හට සුවපහසු නින්දක් තිළිණ කරමින් සිටිනවා. මේ ආකාරයට ලොව විශිෂ්ටතම සන්නාමයකින් එන මෙට්ට වර්ග පෙළක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්.” බව රිචර්ඩ් පීරිස් සහ සමාගමේ සභාපතිල පාලන අධිකාරි සහ ප‍්‍රධාන විධායක නිලධාරි වන වෛද්‍ය සේන යද්දෙහිගේ මහතා පැවසී ය.

    The Hilton, Marriott Hotels, Sheraton Hotels වැනි ලොව ප‍්‍රමුඛ පෙළේ හෝටල් රාශියක් 'Englander' මෙට්ට භාවිතා කරයි. Natural Latex ද යොදා නිෂ්පාදනය කර ඇති මේවා ඉතාමත් සුවපහසු බවක් හා සිසිල් බවක් ලබාදෙන නිසා කාටත් සුවපහසු නින්දක් ලබාගත හැක.

    ආතතියකින් තොරව සුවදායී නින්දක් ලබාගැනීම සඳහා උපකාරී වන විශේෂාංග රැසක් 'Englander' මෙට්ටවල ඇතුළත් වී තිබේ. Individually nested pocket spring මගින් ඝර්ෂණය අවම කරමින් ශක්තිය වැඩි කරන අතර වඩාත් සුවපහසු බවක් ගෙනෙයි. මෙට්ටයේ කොයිල් ව්‍යුහය නිසා කෙනෙකුගේ ශරීරයේ හැඩය අනුව එය හැඩගැසෙන අතර එයද පහසුව වැඩිවීමට හේතුවකි.

    චලනය සංක‍්‍රාමය වීම අවම වන පරිදි සකස් කර ඇති නිසා කෙනෙකුගේ නින්දට බාධා වීමක්ද සිදු නොවේ. ස්වභාවික ලේටෙක්ස් පැඩින් ඇතුළුව පරිසර හිතකාමී අමුද්‍රව්‍යද යොදා මේවා නිපදවා ඇත. එමෙන්ම මෙට්ට කවරය සහ ෆෝම් ලයෙරය අතර තෙතමනය ඉක්මනින් ඉවත් වීම සඳහා පේටන්ට් බලපත‍්‍ර ලැබූ විශේෂ තාක්ෂණයක්ද මෙහි භාවිතා වේ. මේ නිසා මෙට්ටයේ වාත සංසරණය ඉහළ ගොස් වැඩි සිසිලක් හා සුවපහසුවක් හිමි වේ.

    සියවසකට අධික කාලයක් තිස්සේ 'Englander' සන්නාමය පාරිභෝගිකයන්ට වඩාත් සුවපහසු නින්දක් ලබාදෙන, ඉහළම ප‍්‍රමිතියෙන් යුතු, කල් පවතින මෙට්ට නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ජනප‍්‍රියත්වයක් දිනා සිටී.

    ‘‘වඩාත්ම සුවදායී නින්දක් හිමිවන ලෙස නිෂ්පාදන නිපදවීමේ හැකියාව අප දශක ගණනාවක් තිස්සේ ප‍්‍රගුණ කර තිබෙනවා. මේ කාලය තුළ අපගේ තාක්ෂණය වෙනස් වුවත් ඒ තාක්ෂණයට පදනම් වන මූලික දැක්මේ කිසිදු වෙනසක් සිදුවී නැහැ. මෙම නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා රිචඞ් පීරිස් සමාගම සමග එක්වීමට ලැබීම අපට විශාල සතුටක්.” බව Englander Sleep Products ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී වන කෙවින් ටොමන් මහතා විසින් පැවසීය.

    නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී Lifestyle, Doctors Choice, Viscopedic, Posture Support Plus, Latex Collection, Lady Englander, Executive Bed සහ the Diamond Collections ඇතුළු 'Englander' මෙට්ට වර්ග රාශියක් ප‍්‍රදර්ශනය කරන ලදි. තාක්ෂණික ප‍්‍රවීණත්වය සමග අතිනවීන සැලසුම් එකිනෙක මුසුකිරීම මෙම නිෂ්පාදනවල එක් කැපීපෙනෙන ලක්ෂණයක් ලෙස හැඳින්විය හැක. මෙම නිෂ්පාදන කෙතරම් විශිෂ්ට තලයක පවතින්නේද යත් ලොව නින්ද පිළිබඳව අධ්‍යයනය හා ප‍්‍රතිකාර කරන මධ්‍යස්ථාන පවා 'Englander' මෙට්ට මිලදී ගනී.

    මේ වනවිට නව 'Englander' මෙට්ට ප‍්‍රදර්ශනාගාරය නො.18 ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා හි විවෘත කර ඇත. සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන්ම, තම සේවාවන් තවදුරටත් ඉහළ නංවා ගැනීමට කැමති හෝටල්වලටද 'Englander' මෙට්ට මිලදීගත හැකි බව 'Englander' කළමනාකාරීත්වය පවසයි. මේවා රු. 50,000 සිට ඉහළට මිලදීගත හැකි අතර එහි මාදිලි සියල්ල ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා ප‍්‍රදර්ශනාගාරයේදී දැකගත හැකි වේ. එළඹෙන ජූනි මාසයේ සිට දිවයිනේ තෝරාගත් ස්ථාන කිහිපයක පිහිටි ආපිකෝ සුපර්සෙන්ටර් අලෙවිසල්වලදීද මෙම මෙට්ට මිලදීගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වනු ඇත.

    වැඩිදුර විස්තර සඳහා www.englander.lk වෙත පිවිසෙන්න.



    DSC_1792
    DSC_1726
    DSC_2010