වටිනාකම් මුල් කරගත් බැංකුකරණය සඳහා වන ගෝලීය එකමුතුවේ ආසියා පැසිෆික් හමුව SDB බැංකුවේ සාඩම්බර සංවිධානයෙන් පැවැත්වෙයි

    November, 22, 2021

    වටිනාකම් මුල් කරගත් බැංකුකරණය සඳහා වන ගෝලීය එකමුතුව (Global Alliance for Banking on Values – GABV) යනු බැංකුකරණය හරහා සාධනීය වෙනසක් සිදු කිරිමට අපේක්ෂා කරන, ලොව පුරා විසිරුණු බැංකු හා මූල්‍ය ආයතන සමූහයක එකතුවකි. මේ සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජිකයින්ගේ වාර්ෂික හමුව පසුගිය නොවැම්බර් මස 16 සහ 17 වැනි දින පැවත්වුණු අතර එහි සාඩම්බර සංවිධායකයා වූයේ SDB බැංකුවයි. ගෝලීය එකමුතුවේ සාමාජිකත්වය දරන, පරිසරය හා සමාජය පිළිබඳව සංවේදීත්වයක් දක්වන ආසියා පැසිෆික් කලාපයේ බැංකු හා මූල්‍ය ආයතන මේ හමුව සඳහා සහභාගී වූ අතර පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ පැවත්විණි. මේ හමුවේදී සාමාජික ආයතන විසින් කොවිඩ් 19 වසංගතයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට සැපයිය හැකි උපාය මාර්ගික ප්‍රවේශයන් සහ ඒ හා සම්බන්ධ දැනුම බෙදාහදා ගැනීම මූලික වශයෙන් සිදු කෙරිණි.

    ලෝක බැංකු ඇස්තමේන්තු අනුව කොවිඩ් වසංගතය නිසා ලක්ෂ 5 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් දුගීබවට පත්ව ඇති අතර වසංගතය හේතුවෙන් ආදායම් මාර්ගවලට සිදුව ඇති බලපෑම නිසා ආර්ථිකය නැවත නඟා සිටුවීමද රජයට අසීරු කාර්යයකි. මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයන් හි තිරසාර මූල්‍යකරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට ඉටුකළ හැකි කාර්යභාරයත්, ජාත්‍යන්තර සහයෝගීතාවය ඇතිව ප්‍රාග්ධනය එය අවශ්‍යම තැන් කරා යොමු කිරීමත් පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනු ලැබුණි. ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිනී යුවට් ප්‍රනාන්දු මහත්මිය සහ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිලක් පියදිමගම මහතා විසින් ශ්‍රී ලංකාව තිරසාර සහ ඩිජිටල් මූල්‍යකරණය කරා යන ගමනේ ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදුකළ අතර එය කලාපයේ අනෙකුත් මූල්‍ය ආයතන අතර ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම තවදුරටත් සවිමත් කරනු දක්නට හැකි විය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා මෙසේ පැවසීය “මේ දැවැන්ත හමුව සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවක් වන SDB බැංකුව තෝරා ගැනීම අපට විශාල ගෞරවයක්. ඇත්තටම මේ අවස්ථාව අපේ රටේ සුන්දරත්වය කලාපයටම ප්‍රදර්ශනය කරමින් භෞතිකවම පැවත්වීමට හැකි වුණා නම් බොහෝ වටිනවා. නමුත් වසංගතයේ අභියෝගයන් තවමත් පහව ගොස් නැති නිසා මෙය අන්තර්ජාලය ඔස්සේම පැවත්වීමට අපි තීරණය කළා. කෙසේ නමුත් හමුව තුළදී අපි බලාපොරොත්තු වූ ආකාරයටම අපේ කලාපයට දැඩිව බලපාන ඩිජිටල්කරණයේ අභියෝග, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය සවිය සැපයීම, වසංගතය නිසා කලාපයේ බැංකු පද්ධතිය වත්කම් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මුහුණ දෙන අභියෝගයන්, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට මූල්‍ය ප්‍රවේශය ලබාදීම වැනි ඉතා වැදගත් මාතෘකා ගණනාවක් සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කිරීමට අපට හැකි වුණා”

    “මේ හමුව ආකෘතිගත කර තිබුණේ සහභාගීවන්නන්ගේ උපරිම දායකතවය හිමිවන ආකාරයටයි. මේ නිසා කලාපයේ විවිධ සාමාජිකයින් අතර දැනුම හුවමාරු වීම ඉතා පහසුවෙන් හා නිරායාසයෙන් සිදු වුණා.' එමෙන්ම මෙහිදී GABV එකමුතුවේ වැඩපිළිවෙල පිළිබඳව සාමාජිකයින් දැනුවත් කිරීමත්. විශේෂයෙන්ම ආසියා පැසිෆික් සංවිධානය වශයෙන් අප විසින් සිදු කරන කටයුතු 2022 GABV මහා සමු`ඵවේදී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදු වුණා. සමස්තයක් වශයෙන් සහභාගී වූ සිය`ඵ දෙනා මේ කාර්යයන් සම්බන්ධයෙන් දැක්වූ විශාල උද්f්‍යා්ගය හා කැපවීම පිළිබඳව අපි ඉතාම සතුටට පත් වෙනවා. ඒ වගේම මෙවන් දැවැන්ත ජාත්‍යන්තර ඉසව්වක් සංවිධානය කිරීමේ වගකීම නොපැකිළිව අප වෙත ලබාදුන් GABV සංවිධානයට අප කෙරෙහි තැබූ විශ්වාසය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා” යැයි තිලක් පියදිගම මහතා තවදුරටත් පැවසීය.

    පාරිභෝගික බැංකු සේවාවන් ඇතු`ඵව ඉතා පු`ඵල් පරාසයක බැංකු හා මූල්‍ය සේවාවන් පිරිනමන SDB බැංකුව සිය මූලික අවධානය යොමු කරන ක්ෂේත්‍රයන් ලෙසට සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය, කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම හා ඩිජිටල් බැංකුකරණය මහජනතාව අතරට ගෙන යාම සැළකිය හැකිය.

    GABV හි සාමූහික ප්‍රයත්නය වන්නේ බැංකු පද්ධතිය සාධනීය වෙනසක් කරා ගෙන යමින් එය වඩා පාරදෘශ්‍ය, සැබෑ ආර්ථිකය සමඟ ගනුදෙනු කරමින් ආර්ථික, සමාජයීය හා පාරිසරික තිරසාරත්වයට උරදෙන, පු`ඵල් පරාසයක මූල්‍ය ආයතන එකතුවක් බවට පරිවර්තනය කිරීමයි. මේ එකමුතුව බැංකු, සමූපකාර බැංකු හා ණය දෙන සංවිධාන, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා ප්‍රජා සංවර්ධන බැංකු එකිනෙක හා සම්බන්ධ කරමින් මූල්‍ය පද්ධතියේ ක්‍රමානුකූල, ධනාත්මක වෙනස්කම් හරහා ඔවුන්ගේ ක්‍රියාවලියට සහයෝගය ලබාදීම සිදු කරයි. එහි සාමාජිකයින් මූල්‍යකරණය හරහා තිරසාර ආර්ථික, සමාජයීය හා පාරිසරික සංවර්ධනයක් අත්පත් කරගැනීමේ දැක්ම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකරන අතර තමන් නියෝජනය කරන රටවල පුරවැසියන් හට ඔවුන්ගේ උපරිම විභවතාවය කරා ළඟා වීමට උපකාරී වීම හරහා ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රයත්න දරන ආයතන සමූහයකි.